ශ්‍රී ලාංකීය සිනමාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ශ්‍රී ලාංකීය සිනමාකරුවන් අදවන විට
අභියෝගාත්මක තේමාවන් ඔස්සේ තම කැමරා ඇස හසුරවන්නට කැමත්තක් දක්වනු පෙනේ.
පවුල් සංස්ථාවේ අර්බුදයන්, ගබ්සා කිරීම්, ජනවාර්ගික අර්බුදය ආදී තේමාවන්
ඔවුන් තම සිනමා කෘති සඳහා බහුල වශයෙන් භාවිතා කරයි.
කඩවුණු පොරොන්දුව 1947
රුක්මනී දේවි සහ ඒ. ඩබ්. ජයමාන්න, කඩවුණු පොරොන්දුව චිත්‍රපටය.
ශ්‍රී ලාංකීය සිනමාව දකුණු ඉන්දියානු සිනමාවෙන් නිරන්තයෙන් පෝෂණය වූ
අතර, බොහෝ චිත්‍රපට සඳහා ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය ඉස්මතු කෙරෙන
රූපරාමු භාවිතා කරනු ලබයි. සිංහල සාහිත්‍ය කෘති අනුසාරයෙන් ගොඩනැගුණු සිනමා
කෘතිද, සිංහල සිනමාව තුළ දක්නට ඇත. ශ්‍රී ලාංකීය සිනමාවේ පළමු කථානාද
චිත්‍රපටය වනුයේ ‘කඩවුණු පොරොන්දු ව’ යි. එම චිත්‍රපටය 1947 දී තිරගත විය.
සිංහල සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වනුයේ ‘රන්මුතු දුව’ යි. එතැන් පටන්
අද දක්වා විශාල සිනමා කෘති සංඛ්‍යාවක් ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් විසින්
සිංහල සිනමාවට දායක කරනු ලැබ ඇත. කෙසේ වුවද සිංහල සිනමාව අන්තර්ජාතික
පිළිගැනීමකට ලක් කරනු ලැබූ සිනමාකරුවන් අතරින් ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමය
ඉතා වැදගත් තැනක් උසුලයි. ඔහු විසින් මෑතකදී නිර්මාණය කරන ලද වෑකන්ද වලව්ව
චිත්‍රපටය, හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා පිරිනැමෙන ඇකඩමි සම්මානය සඳහා
යවනු ලැබූ ප්‍රථම සිංහල චිත්‍රපටය වේ. ලෙස්ටර් ජේම්ස් විසින් අධ්‍යක්ෂණය
කරනු ලැබූ ‘නිධානය’ චිත්‍රපටය එදාමෙදාතුර සිංහල සිනමාවට දායාද කරනු ලැබූ
විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සලකනු ලබයි.
විමුක්ති ජයසුන්දර සිංහල සිනමාවට එක්වූ දක්ෂ නවක අධ්යක්ෂවරයෙකි. ඔහු
විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සුළග එනු පිණිස’ චිත්‍රපටය ප්‍රංශයේ කෑන්ස්
චිත්‍රපට උළෙලේ (2005) දී සම්මානයට පාත්රවිය. ඒ සිනමාකරුවකුගේ ප්‍රථම
චිත්‍රපටයේ නිර්මාණශිලීත්වය සඳහා පිරිනැමෙන කැමරාඩෝ සම්මානයෙන් පුදනු
ලැබීමයි. මෙසේ බොහෝ ශ්‍රී ලාංකීය සිනමාකරුවන් අන්තර්ජාතික වශයෙන්
පිළිගැනීමකට ලක්වූ අවස්ථා බොහෝය.
ප්රග්ණසෝම හෙට්ටිආරච්චි නම් සිනමාකරුවා විසින් 1952 සහ 1972 යන
දෙවර්ෂයේදීම වෙනීසියේ පැවති සිනමා උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වන
ගෝල්ඩන් ම’කරි සම්මානය දිනාගැනීමට සමත් වූයේය.
(මෙම තොරතුර අඩංගු වනුයේ ආචාර්ය ඩී.බී. නිහාල් සිංහගේ ‘Public
Enterprise in Film Development Success and Failure නම් කෘතියෙහිය. වෙනත්
කිසිම සඳහනක් මෙම සම්මානය පිළිබඳ සොයා ගත නොහැක. වෙනීසියේ සිනමා උළෙලේදී
හොඳම චිත්‍රපටය සඳහා පිරිනමනුයේ ගෝල්ඩන් ලයන් සම්මානයයි.)
- 1 ශ්‍රී ලංකාවේ වසර පනහක සිනමාව
- 2 අන්තර් ජාතික සම්මානලාභි චිත්‍රපට
- 2.1 වෑකන්ද වලව්ව
- 2.2 සුළං කිරිල්ලී
- 3 සටහන්
ශ්‍රී ලංකාවේ වසර පනහක සිනමාව
ගාමිණි හා මාලිනී නිධානය චිත්‍රපටය. මෙම චිත්‍ර පටය වසර 50 ක සිනමා ඉතිහාසයේ ප්‍රථම ස්ථානය ගෙන ඇත
1947 ජනවාරි මාසයේ සිට 1997 ජනවාරි මාසය අතර ගෙවුණු වසර පනහක කාලසීමාව
තුළදී සිංහල සිනමාවේ තුළ බිහිවු චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපට දහය නම්
කිරීම සඳහා සිනමා අධිකාරිය විසින් කමිටුවක් පත්කර ඇත.
1972 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් අධ්‍යක්ෂණය කළ නිධානය (The
Treasure) නම් චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය ගාමිණි ෆෝන්සේකා හා මාලිනි
විසින් ලබා දුණි. එහි තිර රචනය සඳහා වස්තු බීජය වී ඇත්තේ නිධානයක් ලබා
ගැනීමේ අරමුණින් තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියක්ය. මෙම චිත්‍රපටය 1972 දී
වැනීසියේ පැවති අන්තර් ජාතික සිනමා උළෙලදී Silver Lion of St Mark සම්මානය
හිමිකරගන්නා ලදී.තවද ලන්ඩන් සිනමා උළෙලදී වසරේ විශිෂ්ටතම සිනමා නිර්මාණය
සඳහා ඩිප්ලෝමාවක්ද හිමිකරගනී. ශ්‍රී ලාංකික සිනමාවේ මුල් වසර 50 තුළ බිහිවු
හොඳම චිත්‍රපටය ලෙසට මෙකී චිත්‍රපටය තෝරාපත් කර ඇත.
අන්තර් ජාතික සම්මානලාභි චිත්‍රපට
වෑකන්ද වලව්ව
වෑකන්ද
වලව්ව (Mansion by the Lake) යනු ශ්‍රී ලාංකීය ධනවත් පුද්ගලයින්ගේ ජීවිත
පිළිබඳව කියැවෙන්නාවු ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් වර්ෂ 2002 දී
අධ්‍යක්ෂණය කරන ලද සම්මානලාභී චිත්‍රපටයකි. මෙහි කථා තේමාව ශ්‍රී ලාංකීය
පවුල් සංස්ථාවට ගැලපෙන පරිදි වෙනස් කර ඇති අතර එහි මූලික පදනම වන්නේ ඇන්ටන්
චෙකොෆ් විසින් රචිත The Cherry Orchard(චෙරිවත්ත) නම් නාට්‍යයි.
සුළං කිරිල්ලී
ඉනෝකා
සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂණය කරන ලද සුළං කිරිල්ලී (The Klind Bird) යනු
ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්ත ඉතිහාසය තුළ තනි චිත්‍රපටයක් සඳහා ලද ඉහළම
සම්මාන සංඛ්‍යාව හිමිකරගත් චිත්‍රපටයයි
No comments:
Post a Comment